
(දයාරත්න ඇඹෝගම)
මහවැලි එච් කලාපයේ අක්කර 2,000 ක පමණ භුමි භාගයක වගා කළ බඩ ඉරිගු අස්වැන්න නිසි මිළකට විකුනාගත නොහැකිව කරල් සහිතව බඩ ඉරිගු ගස් කිලෝවක් රැපියල් විසිපහ බැගින් සත්ව ආහාර සදහා විකිනිමට සිදුව ඇතැයි සත්ව නිෂ්පාදන ජාතික ගොවි එකමුතුවේ සභාපති අතුල දිසානායක මහතා පවසයි.
මෙවර බඩ ඉරිගු වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබුණ ද ඒවා අලෙවි කර ගැනිමට නිසි වෙළද පොලක් හෝ නිසි මිලක් නොමැතිකම මීට හේතුවි ඇති බවද දිසානායක මහතා පැවසිය.
මහවැලි එච් කලාපයේ බඩ ඉරිගු වගාකළ තමන් ඇතුළු ගොවීන්ට අත්ව ඇති ඉරණම පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේද පැවසිය.
“බඩ ඉරිගු ඇට කිලෝවක රජයේ සහතික මිල රැපියල් 140 වුණත්,හොදින් වේලපු බඩ ඉරිගු ඇට කිලෝව රුපියල් 110ත් 120 ත් අතර මිලකට තමයි දෙන්න වේලා තියෙන්නේ.ඒ මුදලට දෙන කොට ගොවියට අතින් පාඩුයි. ඒකටත් අමතර මහන්සියක් වියදමක් දරන්න ඔනේ.
බඩ ඉරිගු ඇට හොදට වේලන්න ඔනේ.හොදට සුනාමි කරලා බෑග්වල දමාගෙන ගිහින් තමයි දෙන්න ඔනේ.
ඒ නිසා ගොවියෝ කල්පනා කළා බඩ ඉරිගු ගහම කරලුත් එක්ක ගලවලා කිලෝව රැපියල් විසිපහට සත්ව ආහාරවලට විකුනන්න. අද ඒක එක සත්ව පාලන සමාගම් ගොවිපලවල්වලට ඇවිත් බඩ ඉරිගු කරලයි, ගහයි ඔක්කෝම කිලෝව රැපියල් විසිහතරට,විසිපහට මිලදි ගෙන ලොරිවල පටවා ගෙන යනවා.

