නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සඳහා රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත් කර ඇත.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මැයි 04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම ලබා දී ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)




