නිවෙස් බිදුම් කළ 4 ක් අත්අඩංගුවට


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කහතුඩුව සහ කොහුවල  පොලිස් බල ප්‍රදේශ වල නිවෙස් බිඳුම් 13 ක් සිදුකර  රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපොළ සොරා ගත් සිව්  දෙනෙකුගෙන් යුත් කල්ලිය  අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි 

සැකකරුවන් අතර මීට පෙරද නිවෙස් බිඳුම් ගණනාවකට සම්බන්ධ කහතුඩුවේ " ලාකා"  නැමැත්තා ද සිටින බව පොලිසිය කියයි 

 එම පුද්ගලයන් සොරාගත් දැව කපන යන්ත්‍රයක් ,බර උසුලන යන්ත්‍රයක් ඩ්‍රිල්  යන්ත්‍ර කීපයක් ,යකඩ කපන යන්ත්‍රයක් මෙන්ම තවත් උපකරණ කිහිපයක් සහ සොරකම් වලට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත 

සැකකරුවන් සිව්දෙනා අතර සොරබඩු   මිලදී ගත් පුද්ගලයා  සිටින බවත් පොලිසිය කියයි.ඉකුත් මාස කිහිපය තුළ සැකකරුවන් විසින් කහතුඩුව හා කොහුවල  ඉදි කරමින් පවතින සහ  දැනට පදිංචි නිවාස වලට ඇතුළු වී රන් ආභරණ ,විදුලි උපාංග සොරා ගෙන තිබිණි 

සැකකරුවන් විසින් සොරාගන්නා ලද  රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට පෙන්න එම රන් භාණ්ඩ සොයාගැනීම සඳහා  විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය කියයි