ඩබ්ලිව්.ඒ. අසේල
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට තලාතුඔය මාරස්සන තම ගම්වලට පැමිණි නාවික හමුදා සෙබළු දෙදෙනෙකුගේ පවුලේ සාමාජිකයින් නිරෝධනයට ලක්කර ඇත.
මාරස්සන කැතිගන්නාවෙල හා හිදගොඩ පදේශයේ පදිංචි පවුල් දෙකක් මෙසේ නිරෝධනය කර තිබේ.
එම හමුදා නිලධාරීන් දෙදෙනා අද පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට නියමිතය.
තලාතුඔය පොලිසිය හා පාත හේවාහැට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් අද උදෑසන මෙම පවුල් වල සාමාජිකයින්ට නිරෝධායනය පිලිබද උපදෙස් ලබාදී ඇත.

