නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් තිදෙනෙක් ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට


(   එච්. චන්දන )

මඩකළපුව - ඔලුවිල් නාවික හමුදා කදවුරේ  නිරෝධායන මධ්‍යස්ථානයේ  සිටි පුද්ගලයින් 03 දෙනකු  ඉරණවිල කොවිඩ්19  ප්‍රථිකාර මධ්‍යස්ථානයට අද (19)  රැගෙන ආ බව එම ප්‍රථිකාර ඒකකය සදහන් කරයි.
 
ඉකුත්දා ජා ඇල ප්‍රදේශයෙන් හමුවූ රෝගියා සමග ඇසුරු කළ   ඔලිවිල් නාවික හමුදා කඳවුරේ  නිරෝධායන මධ්‍යස්ථානයේ  නිරෝධායනයේ යෙදී සිටියදී , මෙලෙස හදිසියේම  පුද්ගලයින් 03 දෙනකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ප්‍රථිකාර කිරීම සඳහා මෙම රෝගීන් ඉරණවිලට රැගෙන  ඒමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
 
 හලාවත - ඉරණවිල ඇමරිකන් හඬ භුමියේ ඉකුත්දා රජය විසින් අලුතින් විවෘත කරන ලද මෙම ප්‍රථිකාර මධ්‍යස්ථානයේ දැනට කොවිඩ්19  රෝගය වැළදුණු රෝගීන් 18 දෙනකු ප්‍රථිකාර ලබයි.