(සුජිත් හේවාජුලිගේ )
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට අද(20) උපදෙස් දුන්නේය.
මේ අනුව ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් අරඹන ලෙස පොලිස්පතිවරයා සියලුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට ,නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට අදම උපදෙස් ලබාදී ඇති බව දැනගන්නට ඇත.
මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් සූදානම් කරන ලෙසටද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

