(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සභා රීති අනුව කථානායක ධුරය පත්කර ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ හෙයින් ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසූයේ කාලය නාස්ති කරන ඡන්ද විමසීම පැවැත්වුවහොත් ස්වාධීන පක්ෂ දහයට අයත් මන්ත්‍රීවරුන් ඡන්දය කටු කටු ගා දමන බවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා:-
ඡන්දයක් පවත්වන්නෙ නැතිව සාකච්ඡා කර නමක් තෝරා ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.ඡන්දයක් පවත්වන්නේ නම් අපත් ඡන්ද පත්‍රිකාව කටු ගා දමනවා.