නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 30කින්  තේරී පත් විය.

අජිත් රාජපක්ෂ මහතා ඡන්ද  109   ලබාගත් අතර රෝහිණී කවිරත්න මහත්මියට ලබාගත හැකිවූයේ ඡන්ද 78  කි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා:-(පොපෙ) විසින් නියෝජ්‍ය  කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත්:-(පොපෙ) මහතා එම යෝජනාව ස්ථිර කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහිණී කවිරත්න මහත්මිය ගේ නම යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.

ඡන්ද  23  ප්‍රතික්ෂේපිත ලෙස ප්‍රකාශ  කෙරිණි.