අනීෂා මානගේ
ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් මගී ජනතාව විශාල පිරිසක් තංගල්ල බස් නැවතුම්පොළෙහි රැඳි සිටි ආකාරය දක්නට ලැබුණු අතර බස් රථවල නියමිත ප්‍රමාණයට වඩා මගීන් රැඳි සිටි ආකාරයද දක්නට හැකිවිය.
මාතර තංගල්ල හරහා තිස්සමහාරාම, තංගල්ල - වලස්මුල්ල, තංගල්ල - කිරින්ද, තංගල්ල - රැකව, තංගල්ල - හම්බන්තොට සහ මාතර සිට කතරගම ප්‍රදේශවලට ගමන්කරන බස් රථ කිහිපයක් දක්නට හැකි විය.
තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළෙහි බොහෝ බස් රථවල මගී ජනතාව විශාල ලෙස ඒකරාශී වී සිටි ආකාරයද දක්නට හැකිවිය.
තංගල්ල නගරයේ මත්පැන් අලෙවිසැල් අසල දිගු පෝළිම් තිබිණි .
එම මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට පෙර සිටම මෙලෙස දිගු පෝළිම් දක්නට ලැබිණි.



