නිමල් සිරිපාල අලුත් ජනපතිගෙන් කළ ඉල්ලීම


(සුජිත් හේවාජුලිගේ )

ජපානයේ සමාගමකින් අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ බවට තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ඉල්ලීමක් කළේය.

මේ චෝදනාව එල්ල වූ අවස්ථාවේ දී ස්වාධීන පරීක්ෂණයකට ඉඩ කඩ සලසා දෙමින් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවත්  ජනාධිපතිවරයා රට හැරදා ගිය හෙයින් ඒ පරීක්ෂණය අතරමඟ නතර වූ   බවත්  ඔහු සඳහන් කළේ‍ය.

"ඇමතිකමක්  ගන්න එකට වඩා මට අවශ්‍ය  ඉතාම ඉක්මනින්ම පරීක්ෂණයකට මුහුණ දීලා මගේ නම පිරිසුදු  කරගන්න එක " යැයිද 
හිටපු අමාත්‍යවරයා කීවේය.

එවැනි අල්ලස් ගැනීමක් සිදු වී නැතැයි අදාල ජපාන සමාගම දැනටමත් ප්‍රකාශකර ඇතැයි පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා තමා නිවැරදිකරු බව තමා බොහොම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යයිද සඳහන් කළේය.