නිධන් හෑරු 6ක් අල්ලයි


(ඇල්ල ප්‍රසාද් රුක්මල් ) 

ගිරාදුරුකෝට්ට සිට්සි ප්‍රදේශයේ ඉඩමක හොර රහසේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු  අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

මොවුන් විසින් නිධන් හෑරීමට යොදා ගත් අලවංගු තුනක්, උදැල්ලක් , කුලුගෙඩියක් , යකඩ අඩු  මිටියක්, පුහුල්‍ ගෙඩියක් ද අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .

ගිරාදුරුකෝට්ට අගලඔය , අලුත්තරම , පස්සර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හයදෙනෙකු ඊයේ (9)  මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .ගිරාදුරුකෝට්ට පොලිසිය පරික්ෂණ පවත්වති .