ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
අහංගම, නාකන්දේ නිධානයක් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අහංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගත් හිමිනමක් ඇතුළු සැකකරුවන් පස්දෙනා අද (19) ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ පොලිසිය තොරතුරු වාර්තාව මගින් (බී වාර්තාව) මගින් ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් මේ මස 28 වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබුවේ ශ්‍රී ගඟුල යෝගාශ්‍රමය, කොතලාවල, කඩුවෙල වාසි මීතිරිගල සෝරත හිමි, නොන්ඩියා වත්ත,නාකන්ද, අහංගම පදිංචි මාරඹ කොඩිකාර මුනසිංහ හේවගේ බන්දුල, දූනගහ වත්ත,වැලිසර, රාගම පදිංචි අලගියාදුර සදුන් ලක්ෂාන් ප්‍රනාන්දු, දුම්රිය පොල පාර, ගංගොඩවිල, නුගේගොඩ පදිංචි පින්නිපතිනි ආරච්චිගේ අජිත් පීරිස්, සහ ගොන්නගහ හේන, අහංගම පදිංචි බානගල ගමගේ ෂෙල්ටන් උදය කුමාර නැමැති විත්තිකරුවන් වෙති.
අහංගම පොලීසිය විසින් මොවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පුරාවිද්‍යා පනත යටතේ සිදුකල වැරදි සම්බන්ධයෙන් වේ.

