නිධන් සෙව් 4ක් පොලිස් දැලේ


(සුනිමල් හේවගේ  )

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් සිව් දෙනකු පොළොන්නරුව නව නගරය ප්‍රදේශයේදී ඊයේ (28) සවස අත්අඩංගුවට ගන්නා ලදැයි පොළොන්නරුව  කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.‍ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව නව නගරය, පොළොන්නරුව තෝපාවැව,පොළොන්නරුව ගණන් ගොල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකි.

ෙපොළොන්නරුව නව නගරයේ පදිංචිව්‍යාපාරිකයකු සතු   ඉඩමක මෙසේ පුරා පුරාවස්තු සෙවීමේ අරමුණින් නිසි අවසරයකින් තොරව විවිධ උපකරණ යොදාගෙන කැණීම් කටයුතු සිදුකර ඇති බව පොලිසිය කියයි.මෙම ව්‍යාපාරිකයාද  අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් සමඟ ගල් විඳින උපකරණයක් වතුර මෝටර් දෙකක් බාල්දි දෙකක් වයර් කෝඩ් එකක් වයර් රෝල් දෙකක් යකඩ අලවංගුවක්  කුළු ගෙඩියක් සහ වදමල් ,කාසි ,පිත්තල නාග රූපයක් සාම්බ්‍රානි,බුලත් කොල තොගයක්ද තිබී අත් අඩංගුවට ගෙන ඇත.