(සිතුම් චතුරංග)
කැබ් රථයක පටවා මස් පිණිස නීති විරෝධි අයුරින් එළ ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව නගරයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් හිංසාකාරී අයුරින් එළ ගවයින් ප්‍රවාහනයකරන ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එළගවයින් සමඟ සැකකරුවන් හා කැබ්රථය අත්අඩංගුවටගෙන තිබේ.
හොරොව්පොතාන ප්‍රදේශයේ සිට මන්නාරම දක්වා බලපත් නොමැතිව සැකකරුවන් මස් පිණිස ගවයින් ප්‍රවාහනය කොට ඇති බවත් කැබ්රථයේ එළ ගවයින් හයදෙනකු හිංසාකාරී ලෙස පටවා සිටියදී සොයාගත් බවත් පැවසීය.
දීර්ඝ කාලයක සිට කැබ්රථයෙන් විවිද ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මුවාවෙන් එළ ගවයින් ප්‍රවාහනය කොට ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.
සැකකරුවන් හා කැබ් රථය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.