නිකවැරටියේ කුඹුරු යායක මළ සිරුරක්


(ප්‍රියාණි මංගලිකා)

නිකවැරටිය  නගරාසන්නයේ  කුඹුරු යායක් මැද තිබී  නිරුවත්  පිරිමි  මළ සිරුරක්  අද (5)  පස් වරුවේ  සොයා ගෙන  ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය  පවසයි.

වයස අවුරුදු  40/45 පමණ පෙනුමැති  මෙම මළ  සිරුර  කාගේද යන්න මෙතෙක්  අනාවරණය  වී  නොමැති බවද ,  මළ සිරුරේ  කිසිඳු  ඇඳුමක් හෝ නොමැතිව  නිරුවත්ව  තිබෙන  අතර  සිරුරේ   පපුව  කොටසේ  සම ගැලවී  ඇති බව  දක්නට  තිබෙන බවද  පොලීසිය සඳහන් කරයි .

මෙය  මණුශ්‍ය  ඝාතනයක්ද, පිටස්තර  ප්‍රදේශයකින්  ගෙනත් දැමූ එකක්ද., මොහු කවුරුන්ද යන්න පිළිබඳව  සොයාගැනීම සඳහා   නිකවැරටිය  පොලීසිය  හා කොට්ඨාශ   සොකෝ අංශ පුළුල් පරීක්ෂණ  මේ වන විට ආරම්භ  කර  ඇති  බවද පොලීසිය සඳහන් කරයි .

නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී ජේ නන්දන මහතාගේ උපදෙස් අනුව පොලිස් අධිකාරි වීරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සුබසිංහ මහතගේ⁣ මෙහෙය වීමෙන්  නිලධාරීන් කණ්ඩායමක්  සහ  කොට්ඨාශ සොකෝ අංශ  සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්  පරීක්ෂණය සිදු කිරීමට නියමිතව  තිබුණි .