
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් අවුරුද්දට නෑගම් යන පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් කටුකුරුන්දේදි ගිනිගෙන දැවී අළුවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ ගිනිගෙන දැවී ඇත්තේ අගලවත්ත ප්‍රදේශයට අලුත් අවුරුදු නෑගම් ගිය රාගම පොඩිවීකුඹුරු ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් බව සදහන් වේ.
සිව්දෙනකු ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේ දී හදිසියේ ත්‍රීරෝද රථය ගිනිගෙන ඇති අතර, , කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලධාරින් ගින්න පාලනය කර ඇතත් ඒ වනවිටත් රථය මුළුමනින්ම දැවී තිබූ බව පොලිසිය පවසයි .
රථයේ කාර්මික දෝෂයක් ගින්නට හේතු වන්නට ඇති බවට සැකකරන බවත් කිසිවකුටත් හානි සිදුව නැති බවත් පොලිසිය පවසයි .


