
(විමුක්ති එස් රුද්‍රිගු)
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ වැන් හෙයි 503 භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබූ අන්තරායකර බහාලුමක් කේරළ වෙරළට නාවික සැතැපුම් 88 ක් ඔබ්බෙන් පුපුරා යාමෙන් හටගත් ගින්න නිවා දැමීමට ඉන්දීය වෙරළ ආරක්ෂකයන් අසමත් වී තිබිණි.
ගින්න හටගැනීමත් සමග අතුරුදන්වූ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවුදෙනා පිළිබඳව තොරතුරක් ලැබී නොතිබිණි.
ගින්න හට ගැනීමත් සමග එහි තිබූ බාහාලුම් කීපයක් මුහුදට වැටී ඇති බවත් ඊයේ(10) වනවිට නැව ඇලවීමට ආරම්භ වී තිබූ බවත් ඉන්දීය වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.
ඉක්මනින් ගින්න නිවීමට අපොහොසත් වුවහොත් නැව මුහුදුබත් වීමේ වැඩි අවස්ථාවක් ඇතැයි බවද ඉන්දීය වෙරළ ආරක්ෂකයෝ පැවැසුවේය.
වැන් හෙයි 503 භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගින්න හටගත් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ කොළඹ වාරයේ සිට ඉන්දියාවේ මුම්බායි වරාය වෙත ගමන් යාත්‍රා කරමින් තිබුණේය.
බහාලුමක් පිපිරීයාමත් සමග එහි සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන් 18 දෙනෙකු දිවි බේරාගත් අතර සිවු දෙනෙකු අතුරුදන් වූවේය. අතුරුදන්වූ සිවුදෙනාගෙන් දෙදෙනෙක් තායිවාන ජාතිකයන් බවත් අනෙක් දෙදෙනා මියන්මාර සහ ඉන්දුනීසියානු ජාතිකයන් බවත් ඉන්දීයානු වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.
භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ බහාලුම් 157 ක් තිබී ඇති බවත් එම බාහාලුම් විවිධ අන්තරායකර මට්ටම්වලට අයත් ඒවා බවත් ඉන්දීය වෙරළ ආරක්ෂකයෝ පැවැසූහ. දුම්මල ද්‍රාවණය, නයිට්‍රොසෙලියුලෝස්, ඩයසිටෝන් මධ්‍යසාර, තීන්ත, හයිඩ්‍රොකාබන්, ටර්පන්ටයින්, නැප්තලීන් සහ කාබනික ලෝහ ද්‍රව්‍යයද එම බහාලුම්වල තිබී ඇති බවත් නැවේ පිපිරීම් වාර්තා වී තිබෙන බවත් ඉන්දීය වෙරළ ආරක්ෂකයෝ ප්‍රකාශ කළහ.

