නැටුම් ගුරා දරුවන් දෙදෙනකුට කැත නැටුමක් උගන්වලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කලවාන ප්‍රදේශයේ පිහිටි විදුහලක නාන කාමරයක් තුළදී බාලවයස්කාර පාසල් සිසුන් දෙදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළේ යැයි කියන එම විදුහලේ වැඩබලන විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගැනීමට කලවාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම  වැඩබලන විදුහල්පතිවරයා එම පාසලේ නැටුම් විෂය උගන්වන ගුරුවරයා යැයිද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

නාන කාමරයට මෙම සිසුන් දෙදෙනා අවස්ථා දෙකක දී රැගෙන ගොස් බලහත්කාරයෙන් ඔවුන්ට බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

බරපතල ලිංගික අපයෝජනයකට ලක් වූ බවට පැවසෙන මෙම සිසුන් දෙදෙනා ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගෙන ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට රෝහල් ගත කළ බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය.