නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්


(යොහාන් භාසුර)

ශ්‍රි ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා පත්කර පත්ව සිටියි.

රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කළ ලිපිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් රියර් අද්මිරාල් ජයරත්න මහතාට අද (17) නිල වශයෙන් බාර දුන්නේය.

වයි. එන්. ජයරත්න 1986 වර්ෂයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවේ විධායක අංශයට එක්ව විවිධ උසස් තනතුරු දැරීය.

ඒ මහතා ත්‍රස්තවාදය මැඩලීමට සක්‍රීයව දායකත්වය ලබා දෙමින් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් රණශූර, රණවික්‍රම පදක්කම දෙවතාවක් ඇතුලු සේවා පදක්කම් ගනණාවකින් සහ ආදර්ශවත් විශිෂ්ට චරිතය සඳහා උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලැබීය.

රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, නැගෙනහිර නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කර ඇත.