
(ගයාන් සූරියආරච්චි)
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුන ගැසුණේය.
මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා 27 වැනි නාවික හමුදාපති ධුරයට පත්වීම නිමිත්තෙන් ජනාධිපතිවරයා නාවික හමුදාපති වෙත සිය සුබ පැතුම් පිරිනැමීය.

