
(ඉන්දිකා රාමනායක)
මීගමුව මුහුදේ ප‍්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගෙන තිබු ට්‍රෝලර් යාත‍්‍රාවක තිබී කෝටි 60 ට අධික වටිනා අයිස් හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
මෙම යාත‍්‍රාව ඊයේ හවස අත්අඩංගුවට ගෙන ඇති අතර අද (4) පෙරවරුවේ කොළඹ වරායට රැගෙනවිත් පරීක්ෂා කරමින් සිටියදී මේවා සොයාගත් බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

