නාවික භටයන් 22ක් සර්වෝදයේ නිරෝධනයට


බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයන් 22 කු  බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවා තිබෙන නිරෝධායන  මධ්‍යස්ථානයට අද (25) රැගෙන ආ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

 රාජකාරි නිවාඩු ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස කරා ගොස් සිටි එම පිරිස මෙලෙස රැගෙන ආ බව එම කාර්යාලය සදහන් කරයි.