
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය නගර සභාවේ පාලන බලය එජාපයෙන් ගිලිහි ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද හිමි විය.
ඒ අනුව නාවලපිටිය නව නගරසභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමල් ප්‍රියංකර මහතා ලෙස තේරි පත්විය.
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නව නගර සභාපතිවරයකු තෝරා පත් කරගැනීම අද දින සිදු වූ අතර එහිදී එක්සත් ජාතක පක්ෂයෙන් ඉදිරිපත් වූ අනුර පෙරේරා මහතාට පක්ෂව ඡන්ද පහක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු අද දින එම අවස්ථාවට පැමිණ නොතිබූ බව ද වාර්තා වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අමල් ප්‍රියංකර මහතා ඉදිරිපත් වූ අතර ඔහුට පක්ෂව ඡන්ද හතක් හිමි විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයාගේ සහාය නව සභාපතිවරයාට හිමි විය.
නාවලපිටිය නගර සභාවේ ආසන පහළොවෙන් හතක් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන පහක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් පක්ෂයක් එක් ආසනය බැගින් හිමිකර ගත්හ.
ඒ අනුව එහි පාලන බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවූ අතර සභාපති ලෙස සසංක සම්පත් සංජීව මහතා තේරී පත්විය. පසුව සමගි ජනබලවේගය පක්ෂය පිහිටුවීමෙන් පසු ඔහු එහි සාමාජිකත්වය ලබා ගැනීම නිසා සභාපති තනතුර සහ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ක්‍රියා කළේය.



