නිමන්ති රණසිංහ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 26 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) සැකකරු සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම වාර්තාව සළකා බැලීමෙන් පසු සැකකරු සම්බන්ධයෙන් ඇප සඳහා කරුණු ඉදිරිපත් කරන ලෙස සැකකරුගේ නීතිඥවරයාට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

