නාට්‍ය ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන්ගේ අවසන් කටයුතු හෙට


( පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී හා ගායන ශිල්පි අභාවප්‍රාප්ත  තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා( 66)   ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(18)   සවස 4.00 ට නිට්ටඹුව මල්වත්ත ආදාහනාගාරයේදී සිදුකිරිමට අද(17 ) දහවල් තීරණය කෙරිණි .

අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි ශ්‍රීලාල් මහතා ඊයේ (16) මීරිගම රෝහලට ඇතුලත් කරන අවස්තාවේ  මිය ගිය අතර මරණ පරීක්ෂණය අද (17)   වතුපිටිවල මූලික රෝහලේ දී  මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත  ප්‍රමෝද් විජේවර්ධන මහතා ඉදිරියේ පැවැත්විනි.
 
ශ්‍රී ලාල් මහතාගේ දේහය අවසන් ගෞරවය දැක්වීම සඳහා නිට්ටඹුව වතුපිටිවල මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට 18 සවස 400 ට මල්වත්ත ආදාහනාගාරයේදී සිදුකිරිමට කටයුතු යොදා ඇත.