(විනීතා එම් ගමගේ)
නාගරික නිවාස හා ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීමේ දී නාගරික කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය ඇතුළත් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
මේ සඳහා වන මූලික සැළැසුම් මේ වනවිට සකස් කරමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර මහතා පැවැසීය.
නාගරික කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය අනුව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී එහි එළවළු හෝ පළතුරු වැවීම සඳහා වන ඉඩකඩක් වෙන් කිරීමට සැළසුම් කරන බවත් මෙම ප‍්‍රතිප්තිය ගොඩනැගිලි සඳහා ඇතුළත් කිරීම ඉතා කෙටි කාලයක් තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳ විවිධ අංශවල අදහස් ද ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ද රණවීර මහතා පැවැසීය.
මේ සමඟම නාගරික ඉදිකිරීම් වල දී බහු මහල් රථගාල් ඇති කිරීම කෙරෙහි ද තම අධිකාරියේ අවධානය යොමු වී ඇති බවත් එයින් නාගරික රථවාහන තදබදය අඩු කළ හැකි වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

