නව සන්ධාන සාකච්ඡා හෙට අරඹයි


නාලක සංජීව දහනායක
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබඳ සාකච්ඡා නිල වශයෙන් හෙට (14) ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

ඒ අනුව පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් තම පක්‍ෂය නියෝජනය කරමින් සහභාගිවන බව සඳහන් කළ රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, හිටපු මහලේකම්වරයකුවූ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වන බව සඳහන් කළේය.  

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (13) පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේය.    ​

ඡායාරූප - ළහිරු හර්ෂණ