නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේ බණක් කියයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

රජය ධාර්මික නම් කලට වැසි වැටෙන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන නමුත් දැන් රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැටෙන්නට පටන් ගෙන තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එහිදී නලින් බණ්ඩාර මහතා 'දේවෝ වස්සතු කාලේන ගාථා පාඨයද ගෙනහැර දැක්වීය.

"රාජ්‍ය ධාර්මික නම් කලට වැසි වසින  බවත් කෙත් වතු සාර වන බවත් එයින් කියවෙනවා.නමුත් අප රටේ දැන් වැසි වසින්නේ කෙත් වතු සාර වන්න නොවේ.අප රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැස්සා.මේ හැම දෙයක්ම රජයට කළමනාකරණය කරන්න බැහැ තමයි.මේ දවස්වල රජය මාධ්‍ය සමඟ පුදුම තරහකින් ඉන්නේ යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.