
(දයාරත්න ඇඹෝගම)
ඔරුවකින් නාච්චාදුව වැවේ මසුන් ඇල්ලිමට ගිය ධීවරයෙකුගේ මළ සිරුර දින දෙකකට පසුව සොයාගත් බව හිදෝගම පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ නාච්චාදුව නව නගරයේ පදිංචිව සිටි මොහොම්මදු හනීපා මොහොමඩ් රෆීස් (50) නැමති තිදරු පියෙකි.
මිය ගිය මෙම ධිවරයා පසුගිය තුන්වැනිදා උදෑසන අටට පමණ මසුන් ඇල්ලිම සදහා පිටව ගියද මෙදින පස්වරුවේ නිවසට නොපැමිණිම නිසා ඔහුගේ සොහොයුරා නාච්චාදුව වැවට ගොස් සොයා බැලිමේදි මියගිය අය මසුන් ඇල්ලිමට ගිය ඔරුව පමණක් වැවේ පාවෙමින් තිබියදි සොයා ගෙන තිබුණි.

