(ඉන්දිකා රාමනායක)
සේරුනුවර උප්පුරාල් ප්‍රදේශයේ දී උණ්ඩයක් කපද්දී පිපිරීමෙන් (34) හැවිරිදි ධීවරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ධීවරයකු වන මෙම පුද්ගලයා වෙඩි බෙහෙත් ලබා ගැනීම සඳහා එම උණ්ඩය ග්‍රයින්ඩරයකින් කපමින් සිටියදී ඒ පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා සේරුනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.