ධීවරයන්ට විශ්‍රාම වැටුපක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ධීවරයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කරන බව ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 ධීවර කාර්මිකයන් සඳහා හොඳ කල දවසක් උදාකර දීම තම රජයේ අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

"අපේ ධීවර ක්ෂේත්‍රයේ පසු අස්වනු හානිය සියයට හතළිහක් වෙනවා.පසු අස්වනු හානිය වැලැක්වීම සඳහා සීනෝර් ආයතනය  සමඟ එක්ව අප සැලසුමක් සකස් කරනවා.

අයිස් කාර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙනවා. අප ඒ ඒකාධිකාරයත් කඩනවා. සියලු ධීවර වරායන්වල අයිස් නිෂ්පාදන වැඩසටහන් අප අරඹනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.