
(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් මහත්වරු ඇතුළු ඉන්දීය දූත පිරිසක් අද (09) ශ්‍රී ලංකාවට ළඟා වූහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය විසින් ඉන්දීය දූත පිරිස පිළිගනු ලැබීය.
ඒ අනුව, එම දූත පිරිස විසින් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අනිද්දා ( 11) නැවත ඉන්දියාවට වැඩම කෙරෙනු ඇත.



