
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇරඹුමේ සිටම විෂමාචාර්ය ක්‍රියා රැසකට වගකිවයුතු රටේ අපකීර්තිමත්ම පොලිස් නිලධාරියකු වූ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් ඉවත් කිරීම ඓතිහාසිකා අවස්ථාවක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය අරඹමිනි.
"අත්දැකීම් බහුල විනිසුරුවරුන් තිදෙනකු විසින් දේශබන්දු තෙන්කෝන් වැරදිකරුවෙක් බව අදාළ කමිටුව විසින් තීරණය කර තිබෙනවා.පොලිස්පති ධුරය දැරීමට නුසුදුස්සකු වන දේශබන්දු ඒ තනතුරට පත්කිරීම නිසා පාර්ලිමේන්තුවට මේ තීරණය ගැනීමට සිදුවී තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

