දේශබන්දුට එරෙහි අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න


(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
හිටපු යුද හමුදා නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් කඩකළේ යැයි වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වරදකරුවන් කරමින් වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත් එහිදී වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසට එරෙහිව විනය පියවර ගන්නා ලෙස පොලිස් කොමිසමට නියෝග කර ඇති බවත් සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (19) පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය ක්‍රියාත්මක කිරීමේ වගකීම විධායකය සතුව බව කියන මද්දුම බණ්ඩාර මහතා එය ක්‍රියාත්මක වන්නේදැයි නීතියේ ආධිපත්‍යය පිළිබඳව විමසිලිමත් වන සියලුදෙනාගේ අවදානය යොමුවී ඇති බව ද සඳහන් කරයි.
සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.