දේශබන්දු රාජපක්ෂ අපරාධ රාජ්‍යයේ ගෝඩ් ෆාදර් කෙනෙක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

දේශබන්දු යනු රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් "ගෝඩ් ෆාදර්" කෙනෙක් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ තක්කඩි දූෂිත දේශපාලනය දේශබන්දු සමගම අතුගා දැමිය යුතු යැයි ද සභා නායකවරයා කීය.

අද මේ විවාදයේදී සජබෙ දේශබන්දු ගැන කතා කළත් ඔවුන්ට රාජපක්ෂලා ගැන කතා කරන්න බැරි වෙලා තියෙනවා. ඒක තහනම් වචනය වෙලා. දේශපන්දු ගෙනාවේ රාජපක්ෂලා. දේශබන්දු කියන්නේ කවුද? රාජපක්ෂලා හදපු අපරාධ රාජ්‍යයේ අංශු මාර්ථයක්.රාජපක්ෂලා උත්සාහ කළේ මේ රට සදහටම කැරකෝප්පුවක් කරන්න.

 මේක දේශබන්දු  සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොවේ. දේශබන්දුට විරුද්ධව පුළුවන් නම් ඡන්දය දෙන්නැයි මා සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම ඉදිරි පෙළ ඉන්න ගයන්තලාට අභියෝග කරනවා.දේශබන්දු තනියම පොලිස්පති වුනාද? මේ තක්කඩි දූෂිත දේශපාලනය දේශබන්දු සමගම අතුගා දැමිය යුතුයි. ලෝකයේ මෑත භාගයක රටක පොලිස් ප්‍රධානියෙක් අපරාධ කරලා මෙහෙම අසුවෙලා තිබෙනවාද කියා මා සොයා බැලුවා 1989 වසරේ මෙක්සිකෝ වල එවැනි සිදුවීමක් තිබෙනවා.දැන් සජබ සහ පොහොට්ටුව කියන දෙකම එකයි. දේශබන්දු සමගම ඔබලාත් අතුගෑවෙනවා.

මෙච්චර තුච්ච දේශපාලනයක් අප දැක්කේ නෑ. ඔබලාට ජනතාව සොරිම කරනවා.අද උතුරේ වගේම දකුණේ ජාතිවාදීන් කලබල වෙලා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.