(විනීතා එම් ගමගේ)
දේශපාලඥයින්ට ඔවුන් ගේ පවුල්වල සාමාජිකයින්ට ඥාතින්ට හෝ සමීපතමයින්ට වැලි කලුගල් හෝ පස් කැණීම් බලපත්‍ර ලබා නොදෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා පතල් කැණීම් කර්යංශයට අද (22) කළේය.
මෙම නියෝගය වහා ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා කාර්යංශයේ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
දේශපාලඥයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඥාතින්ට හා සමීපතමයින්ට එම බලපත්‍ර ලබා ගැනීමට නොහැකිවන පරිදි නීති සකසන ලෙස ද අමාත්‍යවරයා එම නිලධාරින්ට උපදෙස් දී ඇතග.
සමහර දේශපාලඥයින් පාර්ලිමේන්තුවට එන්නේ මෙම බලපත්‍ර තම තමන්ගේ අයට බෙදා ගැනීමේ අරමුණින් බවත් මහා පරිමාණ ජාවරමක් වන එම තත්ත්වය වෙනස් කළ යුතු බවත් මේ පිළිබඳව ලංකාදීපයට අදහස් දක්වමින් අමරවීර මහතා කියා සිටියේය.
පසුගිය දා වැටලීමක් කර අත් අඩංගුවට ගත් කුරුණෑගල මහා පරිමාණ ගල්වලක තිබු බැකෝ ට්‍රැක්ටර් ඇතුළු යන්‍ත්‍රෝපකරණ මුදා හරින ලෙසත් එම ගල්වල නීත්‍යානුකූල කර දෙන ලෙසත් ඉල්ලමින් විවිධ මට්ටම්වල දේශපාලඥයින්ගෙන් බලපෑම් එන බව කී අමාත්‍යවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ අරමුණින් මෙම නීතිය ගෙන එන බව ද කීය.

