දේශපාලකයො හොරා කන්නේ චක්‍රලේඛවලට උඩින්


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරියා චක්‍රලේඛවලට යටින් සොරකම් කරද්දී දේශපාලඥයා චක්‍රලේඛවලට උඩින් සොරකම් කිරීම නිසා පැය විසි හතරෙන් ඔවුන් බඩු සමග මාට්ටු වන බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී  අද පැවසීය.

කෙසේ වෙතත් මේ රටේ වැඩියෙන්ම සොරකම් කරන්නේ රාජ්‍ය නිලධාරීන් බවද ඔහු සඳහන් කළේ‍ය.

පියතිස්ස මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීම විවාදයේදීය.