දෙමටගොඩදී ත්‍රිරෝද රථ 04ක් අළු වෙයි


(ගයාන් සූරිය ආරච්චි)

දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද  රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි.

එම ගිනිගැනීම හේතුවෙන් කිසිදු පුද්ගලයකුට හානි සිදුවී නොමැති අතර එම තීරෝද රථ අසල තිබූ වෑන් රථයකටද හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

සීසී ටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එක් තිරෝධ රථයකට ගිනි ඇවිලීමෙන් අනතුරුව අනෙක් තිරෝද රථ  ද ගිනිගෙන ඇති බව පොලිසිය කියයි. දෙමට ගොඩ ‍පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි වැඩි විමර්ශන්ශන සිදු කෙරේ.

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)