රොමේෂ් මධුෂංඛ
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී දෙපිරිසක් අතර තියුණු ආයුධ සමගින් ඇති වූ ගැටුමකදී ඊ.පී.ඩී.පී. පක්ෂ සභිකයෙකු හා තවත් අයෙකු කැපුම් තුවාල සමගින් රෝහල්ගත කරපඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේදී පැවති සාකච්ඡාවකදී ප්‍රදේශයේ පවතින නීතිවිරෝධී මත්පැන් ජාවාරම් පිළිබඳව අනාවරනය කර ඇති අතර එම සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙසේ පහරදීගැනීම් සිදුව ඇති බවට පොලීසිය අනාවරණය වී තිබේ.
පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ ඊ.පී.ඩී.පී. පක්ෂ සභික ඒ.නිර්මලරෝහන් නැමති අයෙකු හා තවත් පුද්ගලයෙකු වන අතර ඔවුන් කැපුම් තුවාල සමගින් චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.
කෙසේ වෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ ඇරඹු චාවකච්චේරි පොලීසිය විසින් පහරදීමට සමබන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

