
(එස්.ඩී.කොඩිකාර)
පවතින අධික වර්ෂාව හේතුවෙන් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දංගල කණමීයගල මාර්ගයේ ගොලුවත්තේ කොටසක් නායෙ යෑම හේතුවෙන් නිවාස දෙකකට අලාභ හානි සිදු වී අවධානම් පවුල් 24 ක පුද්ගලයින් 80 ක් අද (03) වන විට දංගල කනිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව ලැගුම් ගැනීමට කටයුතු සිදු කළ බව පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් ගයන්තිකා ප්‍රසංගි මහත්මිය පැවසීය .
දංගල ගොළු වත්තේ කොටසක් ඊයේ (02) සවස් කාලයේ පවතින අධික වර්ෂාවත් සමඟ නාය යාමට ලක්ව තිබුණි. එම නාය යෑමත් සමග ඊට පහලින් තිබූ පදිංචිව නොසිටි තෙමහල් නිවසක් සහ තවත් නිවසකට අලාභ හානි සිදුවී තිබුණි.
නායාමෙන් පසුව අවදානම් පවුල් අවදානම පහව යන තෙක් එම ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර තිබුණි.


