
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සහ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහත්වරුන් අතර බහින්බස්වීමක් ඇතිවීමෙන් පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
සුනිල් වටගල මහතා:
නම කිව්ව පලියට පොයින්ට් ඔෆ් ඕඩර් මොකටද. මම කිව්වේ නාමල් ගැන. නාමල් මෙතන කතා කරනවා. දුවනවා. මේ ටික අහගන්න ඔහුට ශක්තියක් නෑ.
චාමර සම්පත් දසනායක මහතා:
නාමල් කිව්වත් එකයි චාමර කිව්වත් එකයි.මගේ නමත් කිව්වා. එකසිය පනස් නවයක් එළවලා දුන්නේ ඒකයි. නැත්නම් දෙකයි පනහේ ලෝයර්ස්ලා කොළඹින් එන්නේ නෑ.අපි පැනලා යන ඇමතිවරු නොවෙයි.

