(යොහාන් භාසුර)
දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින් හිඟවීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනයට සුදුසු එංජින් 50 ක් පමණ තිබෙන බවත් ප්‍රමාද කිරීම් සහ අවලංගු කිරීම් වලින් තොරව දුම්රිය ධාවනය කිරීමට නම් හොඳ තත්වයේ දුම්රිය එංජින් 70 ක් අවම වශයෙන් තිබිය යුතු බවත් එම නිලධාරියා කීය.
අවලංගුවීම් හෝ ප්‍රමාදයන්ගෙන් තොරව දුම්රිය ධාවනය කිරීමට නම් අවම වශයෙන් හොඳ තත්වයේ දුම්රිය එංජින් 60 ක් අවශ්‍ය බවත් දැනට ධාවන තත්වයේ ඇති දුම්රිය එංජින් 50 කට ආසන්න ප්‍රමාණයෙන් වැඩි සංඛ්‍යාවක විවිධ කාර්මික දෝෂ ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
දුම්රිය එන්ජින් අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස් නොමැතිවීමෙන් කාර්මික දෝෂයන්ට ලක්වන ඇතැම් එන්ජින් යථා තත්වයට පත් කිරීමට මාස ගණන් කාලය ගතවන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.