(ජයන්ත සමරකෝන්)
අගුණකොළ පැලැස්ස හා බූස්ස බන්ධනාගාරවල වෙසෙන විශේෂ ගණයේ රැඳවියන්ගේ නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා සවිකර ඇති දුරකතන සංඥා අවුල්කිරීමේ යන්ත්‍ර හේතුවෙන්, එම ප්‍රදේශ අවට ගම්වාසීන්ගේ ස්ථාවර සහ ජංගම දුරකතන ක්‍රියා විරහිත වී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර අවට වෙසෙන ප්‍රදේශවාසීන් ඊට එරෙහිව පෙත්සමත් සමකස් කරගෙන යන බවද පැවසේ.
එම බන්ධනාගාරවල සිට අවට කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් ආවරණය වන ප්‍රදේශවල දුරකතන සංඥා අවුල්කිරීමේ යන්ත්‍රවල බලපෑමට හසුවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ආසන්න ගම්වාසීන්ට කිසිදු ඇමතුමක් ලබාගැනීමට නොහැකි වී ඇතැයිද දැනගන්නට තිබේ.
මෙම බන්ධනාගාරවල විශේෂ ගණයේ රැඳවියන් විශාල පිරිසක් රඳවා සිටීම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මෙම සංඥා අවුල්කිරීමේ යන්ත්‍ර සවිකරනු ලැබුවේ මීට මාසයකට පමණ පෙරය.

