දුමින්දට සමාව දුන්නාට එජාපයෙත් විරෝධය


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිතා කර අධිකරණය අවභාවිතා නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

මිනීමැරුමකට වැරදිකරු වී 2016 වසරේ දී මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ගත් තීරණය ප්‍රශ්නකාරී බවද එක්සත් ජාතික පක්ෂය කියයි.

ජනාධිපති සමාව ලැබූ සිරකරුවන්ගේ ලැයිස්තුවට දුමින්ද සිල්වාගේ නම ඇතුළත් කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයා පැහැදිලි කළ යුතු බව පවසන එක්සත් ජාතික පක්ෂය ජනාධිපති සමාව සඳහා සුදුසුකම් ඇති අය තීරණය කිරීමේදී භාවිතා කරන නිර්ණායක මොනවාදැයි ප්‍රශ්න කරයි.