දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්


(ආරියරත්න රණබාහු )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ .

පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවත්වණි.