(ගයාන් සූරියආරච්චි සහ අමිල චින්තක ගමගේ)
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධාය කළ ‘ජන අරගලය‘ විරෝධතා පාගමනයේ යෙදුණු දුමින්ද නාගමුව සහ ලහිරුවීරසේකර ඇතුළු 33 දෙනෙක් පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ අසල සිට ආරම්භවී පිටකොටුව දෙසට ගමන් කිරීමේදී මගීන් ඇතුළු රථවාහනවලට දැඩි බලපෑමක් එල්ලවිය .

