දුම්රියේ ගැටී කාන්තාවක් මරුට


(බී.ජි. චතුරංග )

උතුරු දුම්රිය මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටුණු කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , ජයන්ති ග්‍රාමය, සාලියපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි කේ. සසිනි උපේක්ෂා කුමාරි නැමැති 29 හැවිරිදි  දෙදරු මවකි.

ස්වයං රැකියාවක නිරත වූ ඇය අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලම  ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලකට ගොස් අයිස් පැකට් අලෙවි කර  යතුරු පැදියකින්  ආපසු නිවසට යමින් කරමින් සිටියදී  මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.