දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය කිරීම අසාධාරණයි


 (මහින්ද නිශ්ශංක )

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.

විශේෂයෙන් වර්ජනයක නිරතවීම පිලිබඳව අප්‍රසාදය පළ කරන බවද අමාත්‍යාංශය පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙකටම රජයක් වශයෙන් අමාත්‍යාංශය විසදුම් ලබා දී තිබියදී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමක් ද යන්න සැකසහිත බවද ප්‍රවාහන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.