(යොහාන් භාසුර)
වෙරළබඩ දුම්රිය මාර්ගයේ අද (18) දින පුරා පැවැති දුම්රිය අවලංගු කිරීම සහ ප්‍රමාද වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර අද පස්වරුවේ ද දුම්රිය ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ අපහසුතාවට පත්ව සිටියහ.
වෙරළබඩ දුම්රිය මාර්ගයේ ඊයේ (17) දිනයේ ද දුම්රිය අවලංගු කිරීම් සහ ප්‍රමාද වීම් පැවතුණි.
දුම්රිය නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී එවැනි දුම්රිය අවලංගු කිරීමක් හෝ ප්‍රමාදයක් පිළිබඳව නොදන්නා බවයි.

