දුම්රිය මගීන්ගේ දුරකථන සොරාගත් අයෙක් මාට්ටු


(ගයාන් සූරිය ආරච්චි)

ගම්පහ සිට දුම්රියෙන් දෙමටගොඩ දක්වා පැමිණ මගීන්ගේ ජංගම දුරකථන සොරාගන්නා සැකකරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජංගම දුරකථන 23 ක්, laptop පරිගණක දෙකක්, ටැබ් පරිගණකයක් ඇතුළු භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑම් පාස් නවගම් පුර ප්‍රදේශයේ පදිංචි 32 සහ 57 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

මෙම සැකකරු නවගම්පුර, දෙමටගොඩ, ගෑන්ඩ් පාස්, මෝදර ඇතුළු ප්‍රදේශවලින් භාණ්ඩ සොරාගෙන ඇති බවත් ඔහු සොරාගන්නාා භාණ්ඩ දෙවන සැකකරුට ලබාදී මුදල් ලබාගන්නා බවත් පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වන අතර  දිනකට රුපියල් හය දහසක පමණ මත්ද්‍රව්‍ය පානය කරන බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී පලංචි බට දහයක්, ස්කෙයර් හෝල්ඩින්ග්ස් 6 ක්, ඩ්‍රිල් 4 ක්, ඉනිමගක් සහ බයිසිකලයක් පොලිසිය සොයාගෙන ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ ජාඇල, කඳාන, වත්තල හේකිත්ත, කිරිබත්ගොඩ, කඩවත සහ නිට්ටඹුව යන ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සැකකරුගේ මිතුරන් පැමිණෙන බවත් ඔවුන් විසින් බස් රථවල සොරකම් කරන ජංගම දුරකථන ද රැගෙන විත් තමාට ලබාදී මත්කුඩු පැකට් ලබා ගන්නා බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ නිවසේ තිබී  සොරා ගන්නා ලද ජංගම දුරකථන, laptop පරිගණක සහ උපකරණ රැසක් පොලිසිය සොයාගනු ලැබීය.

කොළඹ උතුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස්ිස් අධිකාරි බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.